කොරියානු රැකියා සඳහා පිටත්වන අයගෙන් අය කරගැනීමට නියමිතව වූ රු.500,000ක මුදල විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගේ උපදෙස් පරිදි අත්හිටුවා තිබේ.
මෙම තීරණය මෙම මස (05දා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. මේ අනුව කොරියානු භාෂා පරීක්ෂණය සමත් දකුණු කොරියානු රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් රු.500,000.00 (ලක්ෂ 05) ක ආරක්ෂිත මුදලක් අයකිරීමට නියමිතව තිබුණි.
මොවුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන ඇප බැඳුම්කරයට අමතරව මෙම මුදල අයකිරීමට තීරණය කර තිබුණි. මෙම තීරණය අහෝසි කරන ලෙසත් ඒ පිළිබඳව කොරියානු භාෂා විභාගය සමත් අපේක්ෂකයන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 26,000ක් රැකියාවල නිරත වන අතර පසුගිය වසරේදී පමණක් දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයන් 6629ක් පිටත්ව ගොස් ඇත.