කොරියානු විභාගයට අයදුම්කරුවෝ 22,581ක්
දකුණු කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා 2018 වර්ෂයට අදාළව ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ ලබන 19 වැනිදා ආරම්භ වීමට නියමිතය.
මෙවර පරීක්ෂණය පරිගණක ආශ්රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව එක් එක් විභාග අපේක්ෂකයන්ට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් දැනගත හැකිය.
ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා මාර්තු මස 19 සිට මැයි 04 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන අතර, නිෂ්පාදන ක්ෂේත්රය සඳහා මැයි මස 25 වැනිදා සිට ඔක්තෝබර් 05 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතය.
පරිගණක ආශ්රිත මෙම විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22,581 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඉන් 19,157 දෙනෙකු නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනී සිටීමට නියමිත අතර, 3,424 දෙනෙකු ඉදිකිරීම් අංශයේ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
