දමිල තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අගෝස්තු 2දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයතරත්න මහත්මිය මෙම නියෝගය අද (19දා) නිකුත් කළාය. කොමදෝරු දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.