බස්නාහිර පළාත තුළ ආගමික ස්ථාන සඳහා මුලින්ම ආධාර කිරීම ආරම්භ කළේ තමා වුවත් තමාගේ අමාත්‍යාංශය වෙනස්වීමෙන් පසුව ඒ පිළිබඳව සඳහන් නොකිරීම වරදක් බව පවසමින් බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ප්‍රසිද්ධියේ චෝදනා කළේය.
අද (13දා) බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයේ පැවැති ආගමික ස්ථාන සංවර්ධනය සඳහා ආධාර ලබාදීමේ උත්සවයකදී සංඝයා වහන්සේලා ඉදිරියේ කොඩිකාර මහතා මෙසේ බැනවැදුණේ තමන් මෙන්ම තමාගේ පවුලේ උදවියද හොඳ බෞද්ධාගමිකයන් බව පවසමිනි.