කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවකයන් දුම්රිය මගීන් සඳහා ප්‍රවෙශ පත්‍ර අලෙවි කිරීමෙන් වැළකී සිටියි. කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු හැර තිබුණත් සේවයකයන් කවුළු තුළට පැමිණ නොමැත. දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිට තිබේ. දුම්රිය ධාවනය නොකරන හෙයින් ප්‍රවේශ පත්‍ර අලෙවි නොකරන බව වාර්තා වෙයි. කෙසේ වෙතත් දිනපතා දුම්රිය මගින් ගමන් කරන මගින් රාශියක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.