කොටින්ට ඉඩම් දුන් කාන්තාවක් අත්අඩංගුවට
එල්.ටී.ටී.ඊ. සංවිධානයට පණ දීමට උත්සාහ දැරූ එම සංවිධානයේ නව සාමාජිකයින් පිරිසකට වව්නියාවෙන් තමන්ගේ නමින් ඉඩමක් ලබා දුන් කාන්තාවක් කිලිනොච්චියේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කිලිනොච්චිය උරුතිපුරම් ගම්මානයේ පදිංචි 64 හැවිරිදි එස්.පද්මාවතී නැමත්තිය මෙසේ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුවන බවද එහි ප්‍රකාශකයෙකු පැවැසීය.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, අත්අඩංගුවට ගත් කාන්තාවගේ නමින් වව්නියාව ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ඉඩමක් මිලදී ගෙන ඇති අතර මෙම පිරිස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්රතිසංධාන කටයුතු සඳහා සැලසුම් කළ පිරිසක් බවට කරුණු අනාවරණය වී ඇති බවයි. මේ වන විට වව්නියාව ත්‍රස්ත ක්‍රයා විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝගයක් මත සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේ සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
