කොටින්ගේ තවත් අවි ගබඩාවක් පොළොව යටින් මතුවේ
කිළිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ පිහිටි කොටි සංවිධානය විසින් භාවිත කරන ලද භූගත අවි බංකරයක තිබී ආයුධ රැසක් ඊයේ (07දා) සවස හමුවූ බව කිළිනොච්චිය පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ නිවසක තිබූ වැසිකිළි වළක් බවට සැක කෙරෙන ස්ථානයක මෙම අවි බංකරය පිහිටා තිබූ අතර ප්‍රදේශයේ ගවයන් බැලීමට ගිය පිරිසක් විසින් කිළිනොච්චිය පොලීසියට මේ බව දන්වා තිබේ.
අනතුරුව කිළිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව අදාළ ස්ථානය පොලිස් විශේෂ කාර්ය බළකා භට පිරිස් පරීක්ෂා කළ අතර එහිදී කොටි සංවිධානය විසින් භාවිතයට ගන්නා ලද ටී-56 පතුරම් 35,000ක්, අත්බෝම්බ 184ක්, ක්ලේමෝ බෝම්බ 05ක් ,අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 04ක්, මිලිමීටර් 40 වර්ගයේ උණ්ඩ 34ක්, ආර්.පී.ජී.උණ්ඩ 4 ක් ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගෙන තිබේ.
අදාළ ආයුද තොගය ගොඩගන්නා විටත් දැඩි ලෙස අබලන් වී තිබූ අතර අධිකරණ නියෝගයකින් එම ආයුධ තොගය විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගත් අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් භූගත අවි ගබඩාවක් ලෙස මෙය පවත්වාගෙන යන්නට ඇතැයි සැක පළ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



