කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට කලාප අධ්‍යාපන කාර්යාල ක්‍රමය පමණක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (08දා) පැවැති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අමතමින් පැවසීය.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන 98ක් වන කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 100 දක්වා ඉහළ නැංවීමට තීරණ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.