කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද (21දා) දිනය තුළ පසුබැස්මක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව සමස්ත මිල දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 128.7 කින් පහළ ගොස් ඇති අතර S&P SL 20 මිලදර්ශකය ඒකක 63කින් පහළ ගොස් තිබේ.
අද දිනයේ රටේ පැවැති දේශපාලන වාතාවරණය මෙයට හේතු වී ඇති අතර එය තාවකාලික තත්ත්වයක් විය හැකි බව කොළඹ කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.