කහවත්ත, කොටකෙතන ඇළේ තිබියදී අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් අද (22දා) හමුවිය. 31 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාවගේ මරණයට සැකපිට ඇගේ අනියම් සැමියා කහවත්ත පොලීසිය විසින් අද (22දා) සවස අත්අඩංගුවට ගනු ලැබීය. මෙය මින් ඉහත සිදුවූ ඝාතන රැල්ලේ දිගුවක් නොව, පෞද්ගලික සිද්ධියක් මත සිදුවූවක් බව කහවත්ත පොලීසිය පවසයි.
මලිති පෙරේරා