දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කුරුලු උණ රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව හා වෙරළබඩ ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන් සීරුවෙන් තබා තිබේ. ඉන්දීය කුකුළු නිෂ්පාදන නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන ඒව වැලැක්වීම මෙහි අරමුණයි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෛද්‍ය ඒ. සිවසෝති සඳහන් කළේ කුරුලු උණ හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ කුකුළු නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවත් මේ හේතුවෙන් එම නිෂ්පාදන ධීවර යාත්‍රා හරහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකියාවක් ඇති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කුරුලු උණෙන් තොර රටක් වන අතර එය ශ්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන පිටරටවල් සඳහා අපනයනය කිරීමේදී විශාල වාසියක් බවද අධ්‍යක්ෂකවරයා පැවැසීය. කෙසේ මෙවන් තත්ත්වයන් නිසා එම වාසිය නැතිකර ගැනීමට අවශ්‍ය නොවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි