ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය කේපාපිලව්හි අක්කර 133 ක භූමි භාගයක් හෙට (28දා) දිනයේදී නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
හමුදා මූලස්ථානය විතැන් කිරීම සඳහා හමුදාවවෙතරුපියල් මිලියන 148 ක මුදලක් ලබාදීමෙන් අනතුරුව එම ඉඩම් නිදහස් කළ බව බන්ධනාගාර,ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අදාළ භූමිය නිදහස් කිරීමෙන් ලබන වසරේදීඑහි ඉඩම් අයිතිය හිමි පවුල් 85ක් ඔවුගේ ඉඩම්වල නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවබන්ධනාගාර, ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා කියා සිටියේය.