කෙසෙල්වත්තේ දිනූක නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානම ගෝලයෙක් වෙන අසංක සංජීව නම් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (05දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. දිනූක නැමති සැකකරු මේ වන විට විදෙස්ගතව සිටින අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේ අසංක සංජීව නැමැති සැකකරු විසිනි.
කෙසෙල්වත්ත ගුණසිංග පුරදී අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලීසිය පවසයි.