පෙබරවාරි 28 වන දින සිට කෙරවළපිටිය කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයට මිශ්‍ර කසළ ලබා නොගන්නා බවත් කෙරවලපිටිය කසළ උද්‍යානයේ සම්පූර්ණ පරිපාලනය පෙබරවාරි 28 වන දින සිට ඉඩම් ගොඩකිරීමේ සහා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු බවද බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
පෙබරවාරි 19 දා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. කෙමේ වෙතත් මිශ්‍ර කසළ කෙරවලපිටිය කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන එමින් තිබෙන බවත් කිසිඳු තත්වයක් යටතේ මිශ්‍ර කසළ භාර නොගන්නා බවත් අමාත්‍යාංශය පවසයි.
වෙන් කළ දිරාපත්වන ඕනෑම කසළ ප්‍රමාණයක් භාර ගැනීමට කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.