දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා පැවසීය.
පසුගිය 25 වැනිදා ද දිවයින පුරා මේ ආකාරයෙන් විදුලිය විසන්ධිවීමක් සිදුවූ අතර කෙටිකලක් තුළ යළිත් එවැනි සිදුවීමක් වාර්තා වීම ගැටලුවක් බවත් විදුලිය බිදවැටීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.
අද(13) පස්වරු 2.30ට පමණ සිදුවූ විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් මේ වන විට ඊට අදාළ අංශ විමර්ශන සිදුකරමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය