කෘෂිකාර්මික ක්ෂේත්රය ලාභදායී අපනයන ව්‍යාපාරයක් බවට පත් කරගත හැකි නිසා, රුපියල් මිලියන10ක මූලික ආයෝජනයක් සිදු කළ හැකි ව්‍යවසායකයන්ට එම ආයෝජනයේ වටිනාකම මිලියන 100 දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය උපදෙස් හා සහාය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ලබා දෙන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (08දා) පැවති වැඩමුළුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
ඒ අනුව අපනයනය පාදක කොටගත් කෘෂිකාර්මික කලාප 21ක් පිහිටුවීමට කටයුතු කරන අතර මුල්ම කෘෂිකාර්මික කලාපය අනුරාධපුරයේ පිහිටුවීමට සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
මේ අනුව සංවර්ධිත රටවලින් ලබාගන්නා තාක්ෂණය ආධාරයෙන් පසු අස්වනු හානිය වැළැක්වීම හා නිසි ඇසුරුම් ක්‍රම සම්බන්ධයෙන් ගොවීන්ට උපදෙස් දීම මෙන්ම, අධිශීතකරණ ද සහිතව ගබඩා පහසුකම් ඔවුන්ට සැපයීම මෙම කෘෂිකාර්මික කලාපවලින් සිදුකිරීමට අපේක්ෂිතය.
මීට අමතරව කෘෂිකාර්මික ක්ෂේත්රයේදී ප්‍රවාහන හා ඇසුරුම් ක්‍රමවේද සහ ගබඩා පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙරට එළවළු හා පළතුරු නිෂ්පාදනයෙන් 40%ක් පමණ විනාශ වන බවත් එම පසු අස්වනු හානිය වැළැක්වීමට ප්‍රාථමික කර්මාන්ත, ග්‍රාමීය කර්මාන්ත සහ ධීවර අමාත්‍යංශ එක්ව පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.