වසවිසෙන් තොර ගොවිතැනක් සඳහා මෙතෙක් ලබාදුන් පොහොර සහනාධාර මුදල ආණ්ඩුව කප්පාදු කිරීම නිසා කෘෂිකර්ම අමාත්‍යවරයාටද මෙවර පොහොර සහනාධාරය අහිමි වී තිබෙන බව වසවිස නැති ජාතික ගොවිජාලය සඳහන් කරයි.
වසවිසෙන් තොර ගොවිතැනක් වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සම්බන්ධ වූ බවත්, අමාත්‍යවරයාට අයත් කුඹුරේ මේ වන විට වී වගා කටයුතු ආරම්භ කර තිබෙන බවත් එම සංවිධානයේ සභාපති ප්‍රියන්ත පතිරණ මහතා අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා වසවිසෙන් තොර ගොවිතැන් සිදු කරන ගොවීන්ගේ සහනාධාරය දිනා ගැනීමට සටනක් ආරම්භ කරන බවද හෙතෙම පවසා සිටියේය.