කෘෂිකර්මයට ඉඩම් දීමේදී බදු සහන
- 21 02 2018
- 21:35
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
රටේ කෘෂි ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීර්ඝකාලීන බදු පදනම මත ඉදිරියේදී බදු සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබේ.
ඒ අනුව
වාර්ෂික බදු මුදල මෙන් තුන්ගුණයක් ලෙස එක් වරක් පමණක් අය කරනු ලබන වාර මුදල අය නොකිරීම
සෑම වර්ෂ 05කට වරක් 50%කින් වැඩිවන පරිදි සිදු කරනු ලබන බදු මුදල් ප්‍රතිශෝධනය වෙනුවට, බදු ප්‍රතිශෝධනය කරනු ලබන වර්ෂයට පෙර වර්ෂයේ පැවැති බදු මුදලට 20%ක ප්‍රමාණයක් පමණක් එකතු කිරීමෙන් ප්‍රතිශෝධනය කිරීම.
පළමු බදු කාලය අවසන් වීමෙන් පසු බදු කාලය නැවත දීර්ඝ කිරීමේදී, මුල් බදු කාලය අවසානයේ අය කළ බදු මුදලට 20%ක ප්‍රමාණයක් එකතු කර ලබා ගන්නා අගය දෙවන බදු කාලයේ ආරම්භක බදු මුදල ලෙස සැලකීම.
යන බදු සහන ලබාදීමට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

