බොරැල්ල පොලිස් වසමේ සහස්පුර ඒ මහල් නිවාසය ඉදිරිපිටදී කෘතීම මත්ද්‍රව්‍යයක් ලෙස හදුනාගත හැකි Tramadol-X වර්ගයේ මත්පෙති 35ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ (19දා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨශය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පුද්ගලයෙකු බව කොළඹ අපරාධ කොට්ඨශය සඳහන් කරයි.
ඒ අනුව මෙම සැකකරු අද(20දා) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨශය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
.jpg)