මීට වසර 16කට පෙර කුඩු ග්රෑම් 51 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බොරැල්ල මැගසින් පාරේ පදිංචි, තුවාන් නයිසීන් ජොහාර් නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා අද (12දා) මරණ දඬුවම නියම කළේය.
මෙම විත්තිකරු ඇප ලබාගැනීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් නොවී සැඟවීම නිසා ඔහු නොමැතිව මරණ දඬුවම ප්රකාශයට පත්කළ විනිසුරුවරයා දුටු තැන ඔහු අල්ලන ලෙස නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කළේය.