පාකිස්තානයෙන් මෙරටට ගෙන් වූ කුඩු ග්‍රෑම් 05 ක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාවකට වරදකරු වූ බත්තරමුල්ල ප්‍රදේශයේ සුවිසල් නිවසක මුරකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මරණ දඬුවම නියම කළ අවස්ථාවේදී ඔහු විත්ති කූඩුව තුළම සිහිසුන්ව ඇද වැටුණේය.
තමා රෝගියෙකු බව කියමින් එලෙස ඇදවැටුණු මොහොමඩ් අක්රම් අමීර් නමැත්තා අවස්ථා තුනකදීම විත්ති කූඩුව තුළ සිහිසුන් විය.
2009 සැප්පැම්බර් මස 04 වැනිදා බත්තරමුල්ලේදී හෙරොයින් ග්‍රෑම් 5.68 ක් ළඟ තබාගෙන ජාවාරම් කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.සී. හිරියාදෙණිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පාකිස්තානයේ සිට මෙරටට කුඩු ගෙන්වන ලෝක මත්කුඩු ජාවරම්කරුවෙකු කොල්ලුපිටිය ජුලියානා හෝටලයේ රැඳී සිටින බවට ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියදෙණිය මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ලංකාවට ගෙන්වා හෙරොයින් බෙදාහැර ඇති බවට හෙළි වී ඇති අතර, ඒ අනුව කළ වැටලීම්වලදී බත්තරමුල්ල ප්‍රදේශයේදී මෙම විත්තිකරු කුඩු සමග අල්ලාගෙන තිබිණි.
විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම පමුණුවන බව අධිකරණ භාෂා පරිවර්තක ශිවන්ති රුහුණුහේවා මහත්මිය මගින් දැනුම්දුන් විට විත්තිකරු එක්වරම විත්ති කූඩුව තුළ සිහිසුන්ව ඇද වැටුණේය.
ඔහුට සිහිගන්වන ලද වුවත් ඊට පසුවද අවස්ථා දෙකකදීම ඔහු යළි සිහිසුන් විය.