වයස මාස 2 1/2 ක බිළිඳියක විදේශ රටක රැගෙය යෑමට තැත් කාන්තාවන් දෙදෙනෙකු හා පුද්ගලයෙකු කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර ප්රධාන මහේස්ත්රාත් ඉන්දික අත්තඅනායක මහතා නියෝග කළේය.
පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් බිළිඳිය පරිවාස බාරය තබන ලෙසට මහේස්ත්රාත්වරයා නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, බිළිඳියගේ මව වන ගලහ ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් හා ප්රංශ ජාතිකයෙකු හා ඔහු විවාහ වී සිටි අරුප්පවල ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි.
විදේශ රටකට රැගෙන යෑමේ අරමුණින් මහනුවර අරුප්පල ප්රදේශයේ නිවසක සඟවා තබාගෙන සිටි බවට සැක කෙරෙන මාස 2 1/2ක් වයසැති බිළිඳියක පසුගිය (19දා) සොයාගැනීමට මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය හැකිවී තිබේ.
විසි හතර වැනි වියේ පසුවන ගලහ ප්රදේශයේ පදිංචි දරුවාගේ මව ලිපියක් මගින් අරුප්පල ප්රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි කාන්තාවට දරුවා බාරදී තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
තම සැමියා සිවු හැවිරිදි වැඩිමහල් දරුවා හා තමන් අතහැර අක්කරෙයිපත්තුව ප්රදේශයේ පදිංචිව සිටින බවත් අලුත උපන් දරුවා හදාවඩා ගැනීමට නොහැකි නිසා අදාළ තීරණය ගත් බවත් බිළිඳාගේ මව පොලීසියට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය බිළිඳියගේ මව හා බිළිඳිය විදේශ ගත කරන්නට උත්සාහ කළ බවට සැකකරන ප්රංශ ජාතිකයා හා විවාහවී සිටින කාන්තාවකද පොලීසිය මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කෙරිණි.