කිසිවෙකුට අමාත්‍යවරුන් විවේචනය කළ නොහැකියි
ජනාධිපතිවරයාගේ සහෝදරයා වූ පළියට කිසිවෙකුට අමාත්‍යවරුන් විවේචනය කළ නොහැකි බවත්, චංචා දූෂණ තිබේ නම් ඔප්පුකර පෙන්වන ලෙසත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජීත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (29දා) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතහිදී අමාත්‍යවරයා මේ බව කීය.
සහල් හිඟයක් ඇති වී තිබෙන්නේ පී. හැරිසන් අමාත්‍යවරයා නිසා යැයි ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එවැන්නක් සිදු වී ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙසයි.
එමෙන්ම විදුලිබල ක්ෂේත්රයේ ඩීසල් මාෆියාවක් සේම සහල් ක්ෂේත්රයේ වී මෝල් හිමියන්ගේ මාෆියාවක් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
රජය ක්‍රියාත්මක කරන සූර්ය බල සංග්‍රාමය යටතේ සිරිකොත මූලස්ථානය සඳහා සූර්යකෝෂ පද්ධතියක් සවිකිරීමේ අවස්ථාව ඊයේ (29දා) අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

