කිලිනොච්චිය බුදු පිළිමය ඉවත් කරන්නයි TNA මන්ත්රී කියයි
කිලිනොච්චිය ඉරණමඩු ජලාශය අසළ යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස් .ශ්රීධරන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තාවෙයි.
මෙම ස්ථානයේ බුදු පිළිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්රයෝජනයක් නොමැති බවද මන්ත්රීවරයා විසින් වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තාවෙයි.
රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්රීවරයා එම බුදු මැදුර ස්ථාපිත කළ යුද හමුදාව විසින්ම එය ඉවත් කිරීමට පියවර ගන්නා මෙන්ද පවසා ඇත.
මීට පෙරද යුද හමුදාව එම කඳවුරේ සිටින අවස්ථාවේදීද අදාළ බුදු පිළිමය ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදීම මන්ත්රීවරයා ඇතුලු තවත් දේශපාලඥයින් හා සිවිල් සංවිධාන කිහිපයක් විසින්ද දැනමු දෙනු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
