ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (12දා) පැවැත්වූ සමුළුවට බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් සහභාගී වූයේ බොදුබල සේනා සංවිධානය නියෝජනය කරමින් නොවන බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ 'අද' ට පැවසූහ.
කෙසේවෙතත් උන්වහන්සේ පෞද්ගලිකව සහභාගී වී බොදුබල සේනා සංවිධානය නමින් පෙනීසිටිමින්, පුද්ගලයෙකු දිනවීමට කතා කිරීම තුළ බොදුබල සේනා සංවිධානයේ මතය පිළිබඳ ගැටලුවක් පැනනැගී ඇති බැවින් අදම මේ පිළිබඳ තීරණයකට එළඹෙන බව උන්වහන්සේ පැවසූහ.
කිරම විමලජෝති හිමියන් සමුළුව ඇමතූ අවස්ථාව