නිකවැරටිය - කන්දේගෙදර පාලම යට වතුර වළක සිටි දැවැන්ත කිඹුලෙකු පැටවුන් 16 දෙනෙකු සමග අල්ලා ගත් බව නිකවැරටිය වනජීවී පාලන ඒකකය පවසයි.
මෙම කිඹුලා දිගින් අඩි 08ක් පමණ වන අතර, පැටවුන් 16 දෙනා දින 05ත්, 06ත් වයසේ පසුවන බව වනජීවී නිලධාරීහු පැවසූහ.
ප්රදේශයේ පවතින නියඟ තත්ත්වය මත ජලය සිඳීයෑමෙන් මෙම කිඹුල් මවට හා පැටවුන්ට අනතුරක් සිදුවිය හැකි බැවින් හා පසුගියදා ගල්නෑව ප්‘දේශයේදී දියනෑමට ගිය දැරියක කිඹුලෙකු විසින් ඩැහැ ගැනීමේ සිද්ධියෙන් බියට පත් පිරිස් කිඹුලා රැගෙන යන ලෙස වනජීවියෙන් කළ ඉල්ලීම් අනුව කිඹුලා සහ පැටවුන් අල්ලා ගත් බව වනජීවී නිලධාරීහු පැවසූහ.
ප්රියානි මංගලිකා