තඹලගමුව, පත්තිනිපුරම් කලපුවේ මසුන් අල්ලමින් සිටි තරුණයෙකු අද (22දා) අලුයම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස කිඹුලෙකු ඩැහැගෙන ඇත්තේ, තඹලගමුව, තාහිප් නගර් පදිංචිව සිටි හලාල්දින් රිප්කාන් (අවු.19) නමැත්තෙකි.
මෙම තරුණයා තවත් තරුණයන් දෙදෙනෙකු සමග මාළු අල්ලමින් සිටියදී කිඹුල් ප්‍රහාරයට ගොදුරුව ඇති අතර, එම අවස්ථාවේදී අසල සිටි මිතුරන් ඔහුව බේරාගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී තිබේ.
කිඹුලා ඩැහැගෙන ගිය තරුණයා සොයා තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා නාවික හමුදාවට දැනුම් දීමෙන් පසු නාවික හමුදාව මෙහෙයුමක් දියත් කර තිබේ.
ත්‍රිකුණාමලය නේත්‍රාංජලී අමරජීව