මඩකලපුව, වාලච්චේනෙයි, මුරුත්තානෙයිහි ගඟේ දිය නාමින් සිටි ඉලෙයියතම්බි තංගරාජා (අවු.20) නමැති තරුණයෙකු කිඹුලෙකුගේ ප්රහාරයකට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිතුරන් සමග ඊයේ සවස මුරුත්තානෙයි ගඟේ දිය නාමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී තිබේ. මිතුරන් හා ඥාතීන් ඔහු බේරා ගැනීමට උත්සාහ කළ නමුත් තරුණයා ජීවතක්ෂයට පත්ව තිබේ.
මඩකලපුව - ජවුෆර්කාන්