කොග්ගල කලපුව ආශ්රිත වැලිකොන්ද අතුරු ඇළ මාර්ගයේදී අද (20දා) දහවල් කිඹුලෙකු විසින් පුද්ගලයකු ඩැහැගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.මෙසේ අතුරුදන්ව ඇත්තේ ළමාහේවගේ මවුලිස් (අවු.60) නමැත්තෙකි.
මෙකී පුද්ගලයා අද බෝගහගොඩ සති පොළට පැමිණ ඇති අතර පසුව ඔහු මෙම ඇළ මාර්ගය අසලට පැමිණ ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
එහිදි මොහු කිඹුලකු විසින් ඩැහැගෙන ගිය බවට සැකකරන බවත් අතුරුදන්ව ඇති පුද්ගලයා සොයා නාවික හමුදාව පොලිසිය හා ගුවන් හමුදාව එක්ක විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඊයේ පස්වරුව වනතුරුත් එම පුද්ගලයා ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිවූ බවත් පොලීසිය පවසයි.
ජිනේෂ් නානායක්කාර