කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථාතත්ත්වයට පත්කොට තිබෙනවා.
ඒ පීලි පැන තිබූ දුම්රිය මැදිරි 03 යළි පීලිගත කිරීමත් සමගයි.
කොට්ටාව සහ හෝමාගම අතර දී ඊයේ (22දා) දුම්රියක මැදිරි 03ක් පීලි පැනීමෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියි.