1881 වර්ෂයේ ඉදිකර ඇති කැලණිය පැරණි දුම්රිය පාලම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නැවත ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ.
මේ සඳහා යූරෝ මිලියන 9 ක් පමණ වැය වන බවට ඇස්තමේන්තුගත කර තිබේ. මෙම සමස්ත පිරිවැය දැරීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව (UniCredit Bank Austria AG) එකඟතාව පළකර ඇත.