කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්යවරයෙකු ශ්රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට පත්කිරීම පිළිබඳ සිය සංගමයේ අප්‍රසාදය පළ කරන බවත්, එය වැරදි ආදර්ශයක් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසීය.
මෙවර පාලක සභා පත්කිරිමේදී අනුගමනය කළ යතු කරුණු පිළිබඳ සිය සංගමය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දී තිබූ බවත්,ඉන් බැහැරව කටයුතු කර ඇති බවත් හෙතෙම පවසා සිටියේය.
“පළමු කරුණ තමයි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත තියෙනවා පාලක මණ්ඩලයට පත්විය යුත්තේ කවුද කියලා. අපේ ලිපියකින් අපි කිව්වේ කරුණාකර මේ කාරණා සැලකිල්ලට ගන්න කියලා. දෙවැනුව අපි සඳහන් කළා දේශපාලන සම්බන්ධතා තියෙන හෝ දේශපාලනයට සම්බන්ධ අය පත්කරන්න එපා කියලා. අපි දැන්නුවා ඒ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගත් අය එම විශ්වවිද්‍යාලයේම පාලක මණ්ඩලයට පත්කරන්න එපා කියලා. ඊට පස්සේ අපි කිව්වේ එකම අය දිගින් දිගටම පාලක සභාවට පත්කරන්න එපා කියලා.
මෙහෙම අපි දන්වා තියෙද්දි එතැනින් පිට ගියපු අවස්ථා වාර්තා වෙනවා. එකක් තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයේ යෙදී සිටින මහාචාර්යවරයෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පාලක සභාපට පත්කළ එක. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ ඉතාම ක්‍රියාකාරීව පාලක සභාවට සහභාගිවූ ඉතා ප්‍රසිද්ධ හොඳ කිහිප දෙනෙක් නැවත පත් නොකර ආදේශකයන් පත්කිරීමක් තිබෙනවා.
මෙය අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැන්වුවා. අපේ අප්‍රසාදය දැන්වුවා. පසුගිය 14 වැනිදා ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග තිබූ සාකච්ඡාවේදී අපි ඔවුන්ට මේ බව දැන්නුවා. මෙවර පාලක සභා පත්කිරීමේදී අපි කළ ඉල්ලීම් යම්තාක් දුරකට සලකා බලා තිබෙනවා. නමුත් දැන සේවයේ යේදී සිටින මහාචාර්යවරයෙක් තවත් පාලක සභාවකට පත්කිරීම ඉතාමත් නරක ආදර්ශයක්. මෙය මීට පෙරත් වෙලා තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ යේදී සිටින ආචාර්යවරු රජරට විශ්වවිද්‍යාලයට පත්කළ අවස්ථා තිබෙනවා* යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
අප මේ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් විමසීමේදී හෙතෙම පවසා සිටියේ, ඒ පිළිබඳ මාධ්‍යයට කිසිවක් පැවසිය නොහැකි බවත්, පත්කරන පාලක සභාව සමග තමන්ට වැඩ කිරීමට සිදුවන බවත්ය.