කෑමට සහ බීමට යමක් ඉල්ලා දිනකට ජනතාව විශාල පිරිසක් විහාරස්ථානවලට පැමිණෙන බව නාරාහේන්පිට අභයාරාමයේ අද (24දා) පැවති මාධ්‍ය හමුවකදී පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
එදාවේල සොයාගැනීමට නොහැකි ආර්ථිකයක් රටේ පවතින බැවින් මේ ආකාරයට ජනතාව අධාර ඉල්ලා තැනින් තැනට යන බවද උන්වහන්සේ සඳහන් කළහ.
කැබිනට් සංශෝධනයක් සිදුකළායැයි ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත්, පසුගියදා සිදුකළ කැබිනට් සශෝධනය හිසේ කැක්කුමට කොට්ටය මාරුකිරීමක් වැනි දෙයක් බවත් ආනන්ද හිමියෝ පවසා සිටියහ.
මේ අවස්ථාවට බෙංගමුවේ නාලක හිමි, ඉත්තෑදෙමළියේ ඉන්දසාර හිමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ