කැබිනට් සංශෝධයනයක් සිදුනොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ අද (09දා) පැවැති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැයි මස 29 වැනිදා සිට යළි අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවට කර ඇති ප්‍රකශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, සයිටම් ආයතනය සම්බන්ධයෙන් අවශ්‍ය විසඳුම් රජය ප්‍රකාශයට පත්කර ඇති අතර, ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරනවා. මේ වනවිට සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවට එම සංගමය සඳහන් කරනවා. ඔවුන්ගේ පරමාර්ථ වෙනස් වෙලා"යනුවෙනි.