කැබිනට් අමාත්‍යවරයෙක් නොකරන දෙයක් නවීන් පාර්ලිමේන්තුවේදී කරයි
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (04දා) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසනයක අසුන් ගත්තේය.
පාර්ලිමේන්තුවට පැමිණි නවීන් දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ තමන්ට වෙන්කර තිබෙන ආසනයේ මඳ වේලාවක් අසුන්ගෙන සිටි අතර, පසුව සභා ගර්භයෙන් ඉවතට ගියේය.
පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන්ව ඇති දොරටුවකින් ඇතුළු වී සභාවට පැමිණි නවීන් දිසානායක අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අසුන්ගන්නා විපක්ෂයේ අසුන් පෙළෙහි සන්දීත් සමරසිංහ මන්ත්‍රීවරයාගේ අසුනට ආසන්නආසනයෙහි අසුන්ගත්තේය.
අනතුරුව හෙතෙම එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත, සන්දීත් සමරසිංහ, හේෂාන් විතානගේ, චමින්ද විජේසිරි යන මහත්වරුන් සමග දීර්ඝ වේලාවක් සාකච්ඡා කරමින් සිටින අයුරු දැකගත හැකිවිය.
ඒ අවස්ථාවේදී ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී අනිල් සමරසේකර මහත්වරුන් නවීන් දිසානායක මහතාට දැනුවත් කිරීම් කළද, නවීන් දිසානායක අමාත්‍යවරයා විපක්ෂයේ අසුන්ගෙන සිටියේය.
සාමාන්‍යයෙන් කැබිනට් අමාත්‍යවරුන් විපක්ෂය දෙසට නොයන අතර, එසේ යෑමටද නොහැකිය. ඒ අවස්ථාවේදී මූලාසනයේ සිටියේ කථානායක කරු ජයසූරිය මහතාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


