කැනඩා ප්රහාරයෙන් පසු පාර්ලිමේන්තුව යළි රැස්වේ
තුවක්කුකරුවකු විසින් කැනඩා පාර්ලිමේන්තුවට එල්ල කළ ප්රහාරයෙන් පසු අද (23දා) දිනයේදී එරට පාර්ලිමේන්තුව ප්රථම වරට රැස්වූ බව වාර්තා වෙයි.
ඉස්ලාම් අන්තවාදී තුවක්කුකරුවෙකු විසින් කැනඩාවේ ඔටාවා හි යුධ ස්මාරකය අසල සේවයේ යෙදී සිටි යුද සෙබලෙකු වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකර ඔහු ඝාතනය කිරීමෙන් පසු මෙසේ පාර්ලිමේන්තු කොරිඩෝවට ඇතුළු වී තිබේ.
කෙසේ වෙතත් එහිදී වහාම ක්රියාත්මක වූ ආරක්ෂක අංශ මෙම තුවක්කුකරු වෙඩි තබා ඝාතනය කර තිබුණි.
පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ අගමැති ස්ටෙෆන් හාපර් පැමිණි විට සියලු සභිකයන් නැගී සිටි අතර, එහිදී, අගමැතිවරයා කියා සිටියේ, අපි සියලු දෙනා එක්ව නැගී සිටින බව තමන් දන්නා බවයි.
මෙම ප්රහාරය කැනඩාව තුළ යම් භීතියක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් සිදුකළ එකක් බවද අගමැතිවරයා පැවසීය.
නමුත්, ඉදිරියේදී මෙවැනි ප්රහාර සිදු නොවන ලෙස රට පුරා ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.
මෙම ප්රහාරයෙන් මියගිය සොල්දාදුවා නේතන් සිරිල්ලෝ ලෙස හඳුනාගෙන තිබේ.
වෙඩි තැබිම සිදුකළ තුවක්කුකරු මෑතකදී ඉස්ලාම් ලබ්ධිකයෙකු වූ 32 හැවිරිදි මයිකල් සෙහාෆ්-බිබෙවු ලෙස සැලකෙන අතර, ඔහුගේ මව කැනඩාවේ ආගමන විගමන නිලධාරියෙකු වන අතර, පියා ලිබියානු ජාතිකයෙකු ලෙස සැලකෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
