කැනඩාවට ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක්
(UPDATE) කැනඩාවේ ඔටාවා අගනගරයේ යුධ ස්මාරකය අසල සිටි සොල්දාදුවෙකුට ආයුධ සන්නද්ධ පුද්ගලයෙක් විසින් විවෘත වෙඩි තැබීමක් සිදුකොට ඔහු එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත ඇතුළු වීමත් සමග ආරක්ෂක අංශ හා තුවක්කුකරු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබූ බව ඊයේ (22දා) විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මෑතකදී මුස්ලිම් භක්තිකයෙකු බවට පත්වූ මයිකල් සිහාෆ් බිබෙවු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහුව වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට පොලීසිය තහවුරු කර තිබේ.
මේ තත්ත්වය තුළ කැනඩාවේ අගනගරය වන ඔටාවා හි අඩක් පමණ ඊයේ වනවිට අකර්මණ්‍යයව පැවති අතර, මේ වනවිටත් නගරය තුළ අවදානම් තත්ත්වයක් ප්‍රකාශ කරමින් දැඩි සෝදිසියක් සිදුවන බව කියැවෙයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ස්ටෙෆන් හාපර් අවධාරණය කළේ මෙවැනි ප්‍රහාරවලින් කැනඩාව කිසිම ආකාරයක තැති ගැන්මකට ලක් නොවන බවයි.
ඊයේ වනවිට වාර්තා වූයේ තුවක්කුකරුවෙකු හෝ කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සිටින බවයි. ඒ ආසන්නයේ වෙළෙඳ සංකීර්ණයක් අසලද වෙඩි තැබීම් රැසක් සිදුවූ බවද වාර්තා විය.
කැනඩාවේ ත්‍රස්ත අවදානම් මට්ටම ඉහළ දැමීමෙන් පැය කිහිපයක් ගත වීමෙන් පසු මෙම ප්‍රහරය සිදුවූ අතර, පසුගිය සඳුදා දිනයේදීද කැනඩා සොල්දාදුවෙකු ඝාතනය කර තිබුණේ මුස්ලිම් භක්තිකයෙකු බවට පත්වූ අන්තවාදියෙකු විසිනි.
මෙම ප්‍රහාරයට ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ සෘජු සම්බන්ධයක් ඇතිද යන්න සොයාගෙන නොතිබුණත්, ඔවුන්ට කිසිම ආකාරයක ආරක්ෂාවක් ඉදිරියේදී නොලැබෙන බව කැනඩා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

