කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණිය වසර දෙකක් හිරේට
සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් අකුරු ලියූ මඩකලපුව ප්‍ර‘දේශයේ තරුණියට වසර දෙකක සිරදඬුවමක් ලබාදීමට දඹුල්ල මහේස්ත්‍රාත්, දිසාවිනිසුරු සංජීව රම්‍යකුමාර මහතා අද (02දා) නියම කළේය.
මෙසේ සිරදඬුවම් නියම වූයේ මඩකලපුව, සිත්නන්ඩිහි පදිංචි, පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවිකාවක වූ සින්නතම්බි උදේනී (අවු.23) යන අයටය.
සිය සේවා ස්ථානයේ පිරිසක් සමග සීගිරි නැරඹීමට පැමිණි මෙම තරුණිය සීගිරි කැටපත් පවුරේ සිය කොණ්ඩ කටුවෙන් 'තැන්ක් උදය' යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා කැටපත් පවුරට හානි කර තිබිණි.
පසුව පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් මෙම තරුණිය සීගිරිය පොලීසියට භාරදී ඇත. සීගිරිය පොලීසිය මෙම නඩුව ගොනුකර තිබුණි.
පසුගිය නඩු වාරයේදී දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා තරුණිය රිමාන්ඩ් භාරයට පත්කරමින් කැටපත් පවුරට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත්කළ හැකිද යන්න පුරාවිද්‍යා වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබිණි.
එම නියෝගය අනුව පුරාවිද්‍යා වාර්තාව (02දා) දින අධිකරණයට ලැබී තිබිණි. එහි සඳහන්ව තිබී ඇත්තේ නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි බවයි.
ඒ අනුව වරද පිළිගත් තරුණියට වසර දෙකක සිරදඬුවම් නියම කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
