IVF මධ්‍යස්ථානයක් කාසල් වීදිය කාන්තා රෝහලෙහි ස්ථාපිත කිරීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව 'මඳසරුභාවය' හෙවත් 'ගර්භිණීභාවය උදා කරගැනීමට අපොහොසත් වීම, සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ සේවා එයින් ඉටු වනු ඇත.
මෙහි දෙවන මධ්‍යස්ථානය ගාල්ල කරාපිටිය නව මාතෘ රෝහලෙහි ස්ථාපනය කිරීමටද තුන්වන අදියර යටතේ අනෙකුත් සෑම පළාතකම එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපනය කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වන බව පැවසේ.
ඒ අනුව කෘත්‍රිම සංසේචනය (IVF) සහ ඩිම්බ/ කළල අධිශීත කිරීම වැනි නවීන ප්‍රතිකාර ක්‍රමද සැලසීමට හැකි පරිදි මෙම මධ්‍යස්ථාන ඉදිවනු ඇත.
ශ්‍රී ලංකාවේ අඹුසැමි යුවළ අතරින් 15%කට වැඩි පිරිසක් මුහුණ දෙන ගැටලුවක් බවට 'මඳසරුභාවය' හෙවත් 'ගර්භිණීභාවය උදා කරගැනීමට අපොහොසත් වීම පවතින බව හඳුනාගනු ලැබ තිබේ.