රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ පරීක්ෂණ අවසන්වන තෙක් තමාට ධුරයේ රැදී සිටීමට අවසර දෙන ලෙස වෛද්‍ය සභාවේ හිටපු සභාපති කාලෝ ෆොන්සේකා මහතා තමාගෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව ඔහු අවුරුදු 5 මාස 6ක් සභාපති ධුරයේ කටයුතු කළ බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මෙහිදී වෛද්‍ය සභාවේ නව සභාපති ධුරය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද නම් දෙකක් අගමැතිවරයා හා පැවැති සාකච්ඡාවේදි ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.