නිරිත දිග මෝසම් තත්ත්වය එළඹෙන 25 වැනිදා සිට ආරම්භ වියහැකි බවත්, මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත තද සුළං ඇති වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර අද (22දා) සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මි.මී. 75ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකිය.
මීට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලත් තැනින් තැන සවස 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
වැසි සමග තද සුළං හා අකුණු කෙටීම් ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.