මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගයේඅද (03දා) පෙ.ව. 11.00ට පමණ සිදුවූ මෝටර් රථ අනතුරකින් එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂට පත්ව තිබෙන බව පොලීසිය කියයි.දිවුලපිටිය දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෙම අනතුරින් රියදුරු ඇතුළු සිවුදෙනෙකු තුවාල ලබා ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ සිටි අයෙක් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය අඹගසක හා විදුලි පහන් කණුවක වැදී ඇත.