කාන්තා අයිතිවාසිකම් ආරක්ෂාවට විශේෂ අධිකරණයක්
ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විශේෂිත අධිකරණයක් පිහිටුවීම සඳහා රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කරගෙන යන බව කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පාර්ලිමේන්තුවට අද (07දා) දැනුම් දුන්නේය.
කාන්තා හා ළමා අපචාර පිළිබඳ වාර්තා කිරීමේදී මාධ්‍ය සඳහා චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වාදීමටද සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් හේෂාන් විතානගේ මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලෙස මෙම කරුණු සභාගත කර තිබේ.
එම අපචාර සම්බන්ධ සිද්ධීන්වලට අදාළ නඩු කටයුතු බොහෝ දුරට විවෘත අධිකරණයේ දැනට විභාග කිරීම සිදුනොවන බවත්, කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳ නඩු කටයුතුවලදී විවෘත අධිකරණයෙන් බාහිරව පෞද්ගලකත්වයට හානි නොවන පරිදි නඩු කටයුතු කරගෙන යන බවත් චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.
-
සාසනවංසාලංකාර Sunday, 02 August 2020 02:53 AM
මට දැනගත හැකිද දෙමාපියන් යටතේ සිටින වයස 25ක් පමණ ඇති අවිවාහක ගැහැණු දරුවෙකුට පැවිදිවීම වැනි දෙයක් කිරීමට තනි තීරණයක් ගත හැකිද? නීතිය බලපාන්නෙ කෙසේද? දෙමව්පියන්ගේ අවසරයකින් තොරව ඇයට තනි තීරණයක් ගත හැකිද? ඒ කෙසේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

