මෙවර මැතිවරණයේදී කාන්තා නියෝජනය සියයට 25ක් බවට පත්වීමත් සමග පළාත් පාලන ආයතනවල වංචාව, දූෂණය නැති කර දැමීමේ අඩිතාලම දැමීමට හැකියාව තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතවල කාන්තා නියෝජනය ඉහළ යාමත් සමග පවතින දූෂණයට විරුද්ධව විප්ලවකාරී වෙනසක් ඇති වන බවට පැහැදිලි බවද කොළඹ ආසනයේ මැසෙන්ජරි වීදිය කොට්ඨාසයේ මැතිවරණ කාර්යලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේය.
කාන්තාව දූෂණයට, වංචාවට බය බවත්, ඔවුන් දූෂණයට විරුද්ධ බවද අවධාරණය කළේය.