කාන්තාව බැරලයකට සමාන කර අගෞරව කරනවා - රෝසි
කාන්තාවන් බැරල් වලට සමාන කරමින් ප්රචාරණ කටයුතු සිදුකරමින් කාන්තාවට අපහාස සහ අගෞරව කිරීමට කටයුතු කරන බව කොළඹ පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය කිරුලපන පැවති ජන හමුවකදී පැවසිය.
කාන්තාවන්ට නිසි ගරුත්වය සහ සමාන ආස්ථාවක් ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ අභිලාෂය බවත් කොළඹ මහා නගරසභාව එහි ආදර්ශය බවත් ඇය ප්රකාශ කළාය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී 25% අනිවාර්ය කාන්තා නියෝජනය ලබා දීමට හැකිවුයේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ කැපවීම මත බවත් රටේ අදායමෙන් වැඩිම විදේශ විනිමය ප්රතිශතයක් ගෙනෙන තේ කර්මාන්තය ,ඇගළුම් කර්මාන්තය ,විදේශ රැකියා වල නිරත කාන්තාවන්ගේ දහදියෙන් උපායන ඩොලරයන් බිහිවෙන බව මතක තබා ගතයුතු බවත් ඇය පැවැසීය.
කාන්තා පුරපති අපේක්ෂිකාවක් ඉදිරිපත්වන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත්, අනෙකුත් කිසිඳු බංකොලොත් දේශපාලන පක්ෂයකට එවැනි තීන්දු තීරණ ගැනීමෙ ශක්තියක් නැති බවද ඇය වැඩිදුරටත් පැවැසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


