2013 වර්ෂයට සාපේක්ෂව 2014 වර්ෂයේදී කාන්තාවන් විදේශගතවීම 6.4% කින් අඩුවී ඇති බවද කාන්තාවන් රටයෑමට පෙර ලබාදෙන ගෘහස්ථ පුහුණුව පසුගිය වර්ෂයේදී 34% කින් අඩුවී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
වර්තමානයේ උද්ගතවී ඇති සමාජ ගැටලු කිහිපයකට හේතුවී ඇත්තේ කාන්තාවන්ගේ විදේශගතවීම වන බවත්, ඉහළ ආදායම් ලැබෙන දේශීය මාර්ගයක් පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වන බවද විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය.