කාන්තාවන් විදේශ ගතවීම ගැන සතුටු වෙන්නේ නැහැ
රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන අමාත්‍යංශය තමන් යටතේ පැවතුනත් ඒ පිළිබඳව කිසිසේත් සතුටු නොවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. ඇලපාත නිරිඇල්ල පුඤ්ඤානන්ද විදුහලේ පැවති රුක් රෝපණ වැඩසටහනකට එක්වෙමින් ඇය මේබව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය
පසුගිය කාලයේ අපි විපක්ෂයේ ඉන්න කොට කාන්තා දිනය ගැන අභිමානයෙන් කථාකළා, රටට වැඩිම ආදායමක් ලැබෙන්නේ කාන්තාවන් විදේශ ගතවීමෙන් කියලා. නමුත් මේ රටේ වැඩිම ආදායමක් ගෙනෙන අමාත්‍යංශය විදිහට, විදේශ රැකියා අමාත්‍යංශයේ අමාත්‍යතුමිය විදිහට මම මීට පස්සේ කාන්තා දිනය ගැන කථාකරන්නේ නෑ. හරිම කණගාටුයි අපේ කාන්තාවන්ට උදාවෙලා තියෙන තත්වය ගැන. මම ගොඩක් කණගාටු වෙනවා අපේ කාන්තාවන් ගැන.
මේවන විට කුවේට්වල අපේ කාන්තාවක් ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම සෞදියේ අපේ කාන්තාවක් ගල් ගහලා මරන්න නියෝග දීලා තියෙනවා. ලෙබනන්වල අපේ කාන්තාවන් 8 දෙනෙක්ට මරණ දණ්ඩනය නියම වෙලා තියෙනවා. මේ වගේ තත්වයන් මත මම අපේ කාන්තාවන් විදේශ ගතවීම ගැන කිසිසේත් සතුටු වෙන්නේ නෑ යි ප්‍රකාශ කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

