කාදිනල් හිමිගේ ප්‍රකාශයට විරෝධයක් එල්ල වෙලා
යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වශයෙන් නොව බහු ආගමික රාජ්‍යයක් ලෙස නම් කිරීම වඩාත් යෝග්‍ය බව සමාජයීය සහ සාමයික කේන්ද්‍රයේ ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා පවසන බව බී.බී.සී.ය කියයි.
නව ව්‍යවස්ථාව සැකසීමේදී බුදු දහමට ව්‍යවස්ථාව තුළින් ලබාදී ඇති අයිතිය එලෙසින්ම සුරැකිය යුතු බවට කාදිනල් මැල්කම් රංජිත් හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ෆර්ත් පියතුමා මෙසේ පවසා ඇත.
"අපේ ලංකාවේ ආගමක් නැතිකම නොවෙයි. ආගම් හතරක් නියෝජනය වෙනවා. මුස්ලිම් ආගමිකයන්ට මෑත කාලයේ සිදු වූ දේවල් අපි දන්නවා. ඒ නිසා සෑම ආගමක්ම අදහන පුද්ගලයන් ආරක්ෂා විය යුතුයි."
"උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ව්‍යවස්ථාව තුළ කියලා නැහැ හින්දු ආගම ආරක්ෂා කරන්න ඕන, පෝෂණය කරන්න ඕනෑ කියලා. ප්‍රංශයේ කියලා නැහැනේ කතෝලික ආගම පෝෂණය කරන්න ඕන කියලා. ඉතාලියෙවත් එහෙම කියලා නැහැ."
"ලංකාවේ මුළු කතෝලික සභාව වෙනුවෙන්ම කතා කළ හැකි තනතුරක් උන්වහන්සේට ලබා දී තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ" යනුවෙන් ෆර්ත් පියතුමා පවසූ බවද බී.බී.සී.ය කියයි.
ශ්‍රී ලංකා රාජ්‍යය බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය නව ව්‍යවස්ථාවටත් ඇතුලත් විය යුතු යයි කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පසුගියදා කළ ප්‍රකාශයට දැඩි විරෝධය පළකරමින් ෆර්ත් පියතුමා ඇතුළු කතෝලික ප්‍රජා නායකයන් 99 දෙනකුගේ අත්සනින් නිවේදනයක්ද නිකුත් කර තිබුණු බවද බී.බී.සී.ය කියයි.
බහු ආගමික, බහු සංස්කෘතික පරිසරයක් ඇති රටක් තුළ එක් ආගමකට පමණක් ප්රමුඛත්වයක් ලබා දීම වර්තමාන සමාජයට කෙතරම් උචිත දැයි යන්න පියතුමා ප්‍රශ්න කරන බවද බී.බී.සී.ය වැඩිදුරටත් කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
