ක්‍රීඩා අමාත්‍යාංශය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දි සිදුකෙරිණි.
සමරු මුද්දරය සහ මුල් දින කවරය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිට පිළිගැන්වීය.
2017 වසරේ ලන්ඩන් නගරයේ පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ තරගයේ රිදී පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක් සහ ක්‍රීඩා අරමුදලින් රුපියල් ලක්ෂ 15 ක් බැගින් චෙක්පත් මෙහිදී ජනාධිපතිතුමා අතින් ප්රදානය කෙරිණි.
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, ජාතික තේරීම් කමිටු සභාපති ජෙනරාල් දයා රත්නායක, ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශිකා සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.