ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
(update)
ගල්කිස්ස ප්‍රදේශයේදී අද (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
රංජන් සිල්වා මහතා දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද වෙයි. රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර පාරේදී සිදු කළ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා ඇත.
වෙඩි තැබීම හේතුවෙන් තිදෙනාම තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහිදී රංජන් සිල්වා මහතා මියගොස් තිබේ.
සිද්ධිය පිළිබඳ ගල්කිස්ස පොලීසිය අද (24දා) රාත්‍රියේම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා කණඩයම හෙට (25දා) සිදු කිරීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයටද ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටි අතර, සිය පියාගේ අභාවය හේතුවෙන් එම සංචාරයෙන් ඔහු ඉවත්ව ඇති බවද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


